පිළිකාකාරක විකිරනශීලි වැලි කන්දලමට ?
මහාචාර්ය අතුල සේනාරත්න පසුගිය දිනක මවෙත ඒවා තිබුණු කෙටි පණිවිඩය මම සැක කලෙමි. දඹුල්ල, කන්දලමට විකිරනශීලි වැලි එන්නේ කෙලෙසද යයි මම කල්පනා කල නිසා ඔහුට කතා නොකලෙමි. අද දින පුවත්පතක ඇති මෙම තොරතුර දැක මම මහාචාර්ය තුමාට කතා කලෙමි. පළමුව එලෙස ප්‍රතිචාර නොදැක්වීම ගැන කමා කරන ලෙස ඉල්ලමි. හිතුවාට වඩා තත්වය බරපතලය.
වසර 15ක් තිස්සේ සමාගම් තුනක් පුල්මුඩේ මුහුදු තීරයේ ඇති ඉල්මනයිට් වැලි මෙරට සකස්කොට ඇත. දඹුල්ල , කන්දලමට ගෙන මෙම වැලි ගෙන ආ අල්කෙමි හෙවි මෙටල්ස් / මිරාමා මිනරල්ස් සමාගම එහිදී විකිරනශීලි මොනසයිට් වෙන්කොට ඒවා ජපානයට පටවනු ලැබ ඇත. මොනසයිට් විකිරනශීලි වන්නේ එහි තෝරියම් හෝ ඇතැම්විට යුරේනියම් ඇති නිසාය. ව්කිරනශීලි වැලි සමග කලවම්ව තිබු ඉතිරිවන වැලි එනම් රුටයිල්, සර්කෝන්, මග්නටයිට් හා ගාර්නට් ඇති වැලි ගොඩනැගිලි වැලි ලෙස විකුණා ඇති අතර තවත් කොටසක් මිරිසගෝනියා ඔය හා දඹුලු ඔය දිගේ යවා ඇත.
යාන් ඔය වැලිවල ඇතැම් ස්ථානවල සියයට 50ක් දක්වා විකිරනශීලි මොනසයිට් තිබුණු බව දැනට වසර 10කට පමණ පෙර සිටම වාර්තාවී තිබින. එසේ වූ වැලි භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශයේ ඉහල නිලදාරීන්ගේ උදව් ද ඇතිව එවකට ඈමති ලෙස සිටි විජයමුණි සොයිසා ඇතුළු දේශපාලකයන් විසින් කපා ගොඩනැගිලි වැලි ලෙස රටපුරා පතුරවනු ලැබිය. මනම්පිටියේ වැලිවලද යම් තරමකට විකිරනශීලි ද්‍රව්‍ය ඇතිබව සොයාගෙන ඇත.
කෙසේවුවද යාන්ඔය හරස් කල පසු තවදුරටත් පුල්මුඩේ ඉල්මනයිට් වැලි නොසැදෙනු ඇත.එය වෙනත් ඛේදවචාකයකි. රටේ හැමතැනම ඇති වැලි නිධි ගොඩනැගිලි කර්මාන්තය සදහා රටපුරා විසුරුවා හැරීමේ මෝඩකම සමහරවිටක රටපුරා පිළිකා වසංගතයක් ලෙස මතුවීමටද මේ නිසා ඉඩ ඇත.
මේ තොරතුරු භූ විද්‍යා සමීක්ෂණ කාර්යාලයට, මධ්‍යම පරිසර අදිකාරියට, පරමාණුක බලශක්ති අධිකාරියට අලුත් තොරතුරු නොවන බව මගේ විස්වාසයයි. එහෙත් වැලි මංකොල්ලකරුවන් ඉවක් බවක් නැතිව නිසි විද්‍යාත්මක පර්යේෂණයකින් තොරව රටපුරා විකිරනශීලි අපද්‍රවය රටපුරා පතුරවන තෙක් බලාසිටියේ කෙලෙසද යන්න මට නොතේරේ. දැන්වත් එම සැකය දුරුකිරීමට ඉහත ආයතන කටයුතු කරනු ඇතැයි මා විස්වාස කරමි.
සටහන
හේමන්ත විතානගේ
විධායක අධ්‍යක්ෂ - පරිසර යුක්ති කේන්ද්‍රය
Comments
Post a Comment