උකුවෙලගේ රළු-අං කටුස්සා (Ukuwela's Rough-horn Lizard) / Ceratophora ukuwelai

වසර 22කට පසු ශ්‍රී ලංකාවෙන් නව අං-කටුසු විශේෂයක්

ශ්‍රී ලංකාවට ආවේණික කටුසු ගණයක් වන Ceratophora හි විශේෂ 5ක් මේ වන විට හඳුනාගෙන ඇත.මින් Ceratophora stoddartii පළමුවෙන්ම විස්තර කරන ලද්දේ ග්‍රේ විසින් 1834 වසරේදීය. පසුව Ceratophora tennentii, Ceratophora aspera විස්තර කරනු ලැබූ අතර අවසන් වරට විස්තර කරන ලද්දේ රක්වාන කඳුවැටිය ආශ්‍රිතව ව්‍යාප්තව සිටින Ceratophora erdeleni හා Ceratophora karu යන විශේෂ දෙකයි. ඒ 1998 වසරේදී කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි හා රොහාන් පෙතියාගොඩ විසිනි.

Ceratophora aspera (රළු අං කටුස්සා) ශ්‍රී ලංකාවේ වැඩිම භූගෝලීය ව්‍යාප්තිය දක්වන විශේෂ ලෙස හඳුන්වනු ලබයි. එම විශේෂයේ කෞතුකාගාර නිදර්ශක හා පහතරට තෙත් කළාපයේ ඇතැම් ප්‍රදේශ වලින් හමුවන සතුන්ගේ ලක්ෂණ වල වෙනසක් ඇති බව ක්ෂේස්ත්‍ර ජීව විද්‍යාඥ සමීර සුරංජන් කරුණාරත්න ඇතුළු පර්යේෂක කණ්ඩායමට දැකගැනීමට හැකි වී ඇත. ඒ ඔස්සේ සිදුකරන ලද රූපවිද්‍යාත්මක හා ජානමය පර්යේෂණ මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ සල්ගල වනයේ සිටින ගහණය නව විශේෂයක් ලෙස හඳුනාගැනීමට හැකිව තිබේ. මෙම නව විශේෂය රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය, පරිණාමික ජීවවිද්‍යාඥ හා උරග හා උභයජීවී විද්‍යාඥ කණිෂ්ක උකුවෙල මහතා මෙරට සත්ව සංරක්ෂණය හා සතුන් අධ්‍යයනයට ඉටුකළ මෙහෙය වෙනුවෙන් ගෞරව පිණිස "උකුවෙලගේ රළු-අං කටුස්සා" ලෙස නම් කර ඇත. විද්‍යාත්මකව Ceratophora ukuwelai ලෙසද ඉංග්‍රීසි බසින් Ukuwela's Rough-horn Lizard ලෙසින්ද නව විශේෂය නම් කර ඇත.

නව විශේෂය රළු අං කටුස්සාගෙන් ජානමය වශයෙන් (ND2) 9.6% වෙනස් වන අතර මෙම විශේෂ දෙක වෙන්ව පරිනාමය වී ඇත්තේ වසර මිලියන 7.8කට පමණ පෙර මයෝසීන අවධියේ අවසාන කාලයේ පමණ බව විශ්වාස කරයි. තවද නව විශේෂය රළු-අං කටුස්සාගෙන් පහත සඳහන් රූප විද්‍යාත්මක ලක්ෂණ මගින් වෙන් වේ. supraciliary කොරල සංඛ්‍යාව, උදරීය කොරල සංඛ්‍යාව හා paravertebral කොරල සංඛ්‍යාව සාපේක්ෂව අඩු අගයක් ගැනීම. තවද මධ්‍ය දේහ කොරල අගය වැඩි සංඛ්‍යාවක් ගැනීම හා සාපේක්ෂව දිගින් වැඩි කඳ (trunk) ප්‍රදේශයක් සහිත වීම. මෙම නව විශේෂය රතු දත්ත වාර්තාවට දැඩි ලෙස තර්ජනයට ලක් වූ (CR - Critically Endangered) විශේෂයක් ලෙස ඇතුලත් කිරීමට නිර්දේශ කර ඇත. මෙම විශේෂයත් සමග ශ්‍රී ලංකාවේ අං කටුස්සන් විශේෂ 6ක් දක්වා වැඩිවන අතර Ceratophora aspera විශේෂය ශ්‍රී ලංකාවේ දකුණු දෙසට වන්නට ඇති පහතරට තෙත් වනාන්තර වලට සීමා වේ. මෙම පර්යේෂණය සිදුකල සමීර සුරංජන් කරුණාරත්න මහතා ඇතුළු පිරිසට තවත් එවැනි සොයාගැනීම් සිදුකිරීමට හැකිවේවායැයි අපි සුභ පතමු.

සටහන Snake of Sri Lanka.


Comments

Post a Comment

Popular posts from this blog

Fluoride related health issues in Sri Lanka concerning the regional climate.

Cascade systems in Sri Lanka

National Environmental Act (1980) of Sri Lanka Vs National Environmental Act (2007) of Bhutan